Sunday, April 20, 2014

මතක අමතක...

අලුත් අවුරුදුත් ආව නිසා බොලවු  මමත්  අස්  කළා මගේ රජ බවන අවුරුදු ගානකට පස්සේ.
හප්පා පොළොංගු විතරයි අඩු.
ඒ අස්සේ පරණ පොතක් අස්සේ කැම්පස් යන කාලේ කුරුටු ගාපු කොළ කෑල්ලක් සෙට් උනා.
ඒකෙ  තිබ්බා  කුරුටු ගාපු කතාවක්..
මගේම වචන ඒ දවස්වල හොඳේ... ඒ කියන්නේ 2006 පළමු අවුරුද්ද කැම්පස් එකේ.
මෙන්න මෙහෙමයි...



හීන කන්ද පොදි බැඳගෙන,
අකුරු කෙරුව අපි..
සරසවියේ කන්න නැතුව,
පිකට් කෙරුව අපි....

හැමදාමත් හීනවලට.
පාට හෙව්ව අපි..
රස්සාවක් ගැන හොයමින්,
පාරේ ගියා අපි...

උදේ ඉදන් රෑ වෙනකල්,
බැනුම් අහන අපි...
සොච්චම් පඩියකට ඉතින්,
කඹුරනවා අපි...

හීන කන්ද හොරු අරගෙන,
අසරණ උන අපි...
කුමක් කරන්නද පූරුවේ,
පවු ගෙවනවා අපි...

සබඳ,
ලැබෙන සොච්චම අභිමුව උගත් කමෙන් කවර පලයක්ද..
මියදෙනු මිසක....?



මට First Year ඉද්දි තේරුණා දේ Last Year වෙද්දී අමතක උන එක නේ පුදුමේ.....




අකුරු කෙරුවේ..

No comments:

Post a Comment