Monday, July 23, 2012

සැනසීම

සිහින් සිරි පොදය වසාගෙන
මුළු සරසවි බිම පුරාම....
සීතල හිරිකඩ නංවයි
හිරිගඩු ගත පුරාම.....

Friday, July 13, 2012

නොකියූ ආදර කතාවක්...!!!


මේ කතාව දාන්න ඕනි කියල හිතුවේ දවසක් මම මේ කතාව ඔයාට  කියද්දී ඔයා ආසාවෙන් අහගෙන හිටපු නිසා....
එත් එක්කම පහුගිය දවසක මගේ හිතවතෙක් සම්පුර්ණ කතාවම මට එවල තිබුනා ....
ඉතින් මම හිතුව ඔයත් මගේ බ්ලොග් එක කියවන නිසාම මේ කතාව add කරන්න කියල.........

සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය .....

Thursday, July 12, 2012

හිත කෑ ගැහුවා මෙන්න මෙහෙම...


මට තාම හිතාගන්ඩ බෑ....
ඒ ඔයා ගැන නෙවෙයි.. මං කොහොමද ඔයාව අමතක කරන්නේ කියලා.. ...
මට පුදුමයි.....
ඒ මං ගැන නෙවෙයි.. මගේ හදවත ගැන.....
හදවත ඔයාවම හොයන්නේ ඇයි කියලා.....

වින්දනය & වේදනාව

කට්ටිය එක එක කතා කියද්දී මටත් මතක් උනා පොඩි කතාවක්..
මේක තියෙන්නේ දයානන්ද ගුනවර්දනයන් 1979 ලියපු ගජමන් පුවතේ.

කොර්නේලියා  :  මුදලිතුමා බලන්න අපි කොච්චර කවි ලියුවද ඈතින් ඉදගෙන නේද??
ඉතින් අනික් විදියට උන්න නම් මෙහෙම කවි කියවෙනවද ?

ඇලපාත මුදලි : අනේ මන් දන්නේ නෑ මම මොකට කවියෙක් උනාද මෙහෙම වේදනා  විදින්න..

කොර්නේලියා  : වේදනාව කියන්නේ මුදලිතුමා කලා කාරයොන්ට උරුම දෙයක්.. වේදනාව නිසා තමයි එයාලගෙන් කලා කෘති බිහිවෙන්නේ..

Wednesday, July 11, 2012

අතීතය මත් වතුර සමග කෙටියෙන්..

ජීවිතේ ගොඩක් දේවල් එනකල් නැවතිලා බලන් හිටපු මට දැන් නම් ලෝකේ නතර වෙලා වගේ දැනෙනවා ..
ඔයාගෙන් කෝල් එකක් මැසේජ් එකක් වැරදිලා හරි මිස් කෝල් එකක් එනකල් බලන් හිටපු බලන් ඉන්න වාර අනන්තයි අප්ර මානයි දැන්නම් ..
එහෙම ලැබුණානම් ජීවිතේ මම කවදාවත් නොලබපු සතුටක් සැනසීමක් මට ලැබේවි ..
ඒත් මොනවා කරන්නද ඒ සැනසීමත් ඔයා වගේම ගොඩක් දුරයි නම් මට..
ඉස්සර ආදරේට ඔයා මට කිව්වේ සුදු මහත්තය කියල..
ඒ ආදරේ වැඩි උනාම ටෙඩිය කියලත් ඔයා මට කිව්වා..
මම ඔයාට චුටි අම්මි කියනවට ඔයා කොච්චර ආසද නේද ??
ඒත් ඒ සේරම හීන විතරක්

කන්නාඩි...

ප්‍රේමයට මුවාවී..
පසු පසින් ලුහුබදින...
වියෝ දුක කල් තියා..
දැන හදුන ගනු පිණිස..
මෙවර පැති 
කන්නාඩි..
සවි කළෙමි හදවතට.....

Tuesday, July 10, 2012

සත්‍ය කතාවක්...

ගනකම් අදුරේ මානවකයා කියනවා මිනිස්සුන්ට තමන්ගේ හිතේ තියෙන දේවල් කියාගන්න බැරි උනාම ඒ දේවල් කියන්න තියන එකම තැන බ්ලොග් එකලු.


කතාව නම් ඉතින් බොරුත් නෙවෙයි ඇත්තකුත් නෙවෙයි.
මිනිස්සු බොන්නේ මොකද කියල මම මානවකගෙන් ඇහුවම පොර නම් බීල කරන්නේ ලොකු සමාජ සේවයක්ලු. බොන්නේ අරක්කු ලංකාවෙන් තුරන් කරන්නලු.
අනේ මන්දා...