Sunday, April 20, 2014

මතක අමතක...

අලුත් අවුරුදුත් ආව නිසා බොලවු  මමත්  අස්  කළා මගේ රජ බවන අවුරුදු ගානකට පස්සේ.
හප්පා පොළොංගු විතරයි අඩු.
ඒ අස්සේ පරණ පොතක් අස්සේ කැම්පස් යන කාලේ කුරුටු ගාපු කොළ කෑල්ලක් සෙට් උනා.
ඒකෙ  තිබ්බා  කුරුටු ගාපු කතාවක්..
මගේම වචන ඒ දවස්වල හොඳේ... ඒ කියන්නේ 2006 පළමු අවුරුද්ද කැම්පස් එකේ.
මෙන්න මෙහෙමයි...


ඇත්තටම කාලයක් නොලිය නොලියා  තිබුණු බ්ලොග් එක යාලුවෙක්ගෙ පුංචි ඉල්ලීමක් මත අයෙත් ලියන්න ගත්තා..
අවුරුදු  2ක් ආසන්නයි නිහඬව ඉඳලම .
ඔන්න අද ඉඳල තනි අලියා අයෙත් කොටන් බානවා..
මානවක ඔන්න ඉල්ලීම ඉෂ්ට කළා.

අකුරු කෙරුවේ..

Monday, August 6, 2012

ප්‍රේමයත් මලක් මැයි...

අදත් අතීත මතකයක් එක්ක තනි උන වෙලාවක හිතට නැගුන සිතුවිල්ලක් අකුරු කරන්න හිතුවා..
මම දන්නවා ඔය හොරෙන් හොරෙන් උනත් මේ බ්ලොග් එක බලන බව තනි උන වෙලාවට..
දවසක් ඔය මට කිව්වා මතකද ඔයාට මම කියන ඒවා තේරෙන්නේ නැ කියලා..
ඔයා ඒක ඇත්තට කිව්වද බොරුවට කිව්වද මම දන්නේ නැ... හැබැයි මෙහි සැග උන අර්ථය වටහා ගන්න ඔයාට බැරිවෙන එකක් නැ..
කියවලාම බලන්න එහෙනම්...


Monday, July 23, 2012

සැනසීම

සිහින් සිරි පොදය වසාගෙන
මුළු සරසවි බිම පුරාම....
සීතල හිරිකඩ නංවයි
හිරිගඩු ගත පුරාම.....

Friday, July 13, 2012

නොකියූ ආදර කතාවක්...!!!


මේ කතාව දාන්න ඕනි කියල හිතුවේ දවසක් මම මේ කතාව ඔයාට  කියද්දී ඔයා ආසාවෙන් අහගෙන හිටපු නිසා....
එත් එක්කම පහුගිය දවසක මගේ හිතවතෙක් සම්පුර්ණ කතාවම මට එවල තිබුනා ....
ඉතින් මම හිතුව ඔයත් මගේ බ්ලොග් එක කියවන නිසාම මේ කතාව add කරන්න කියල.........

සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය .....