Monday, August 6, 2012

ප්‍රේමයත් මලක් මැයි...

අදත් අතීත මතකයක් එක්ක තනි උන වෙලාවක හිතට නැගුන සිතුවිල්ලක් අකුරු කරන්න හිතුවා..
මම දන්නවා ඔය හොරෙන් හොරෙන් උනත් මේ බ්ලොග් එක බලන බව තනි උන වෙලාවට..
දවසක් ඔය මට කිව්වා මතකද ඔයාට මම කියන ඒවා තේරෙන්නේ නැ කියලා..
ඔයා ඒක ඇත්තට කිව්වද බොරුවට කිව්වද මම දන්නේ නැ... හැබැයි මෙහි සැග උන අර්ථය වටහා ගන්න ඔයාට බැරිවෙන එකක් නැ..
කියවලාම බලන්න එහෙනම්...





ප්‍රේමයත් මලක් මැයි...
නුඹ නටුවේ විෂක් මැයි...
මගේ හදට දැනෙන දුක්...
ඔබට නොදැනුනේ ඇයි...???

සිත සුමුදු පතක් මැයි...
නුඹ රලුම අතක් මැයි...
සිත ඉරෙන විට වගක්..
නොදැන හිනැහුණේ ඇයි...???

දුක කඳුළු බිඳක් මැයි...
නෙතු හඬන ගඟක් මැයි...
නොවියලෙන මගේ දෙනෙතේ...
නුඹත් බොඳ උනේ ඇයි..???

අතීතය අපේ මැයි...
අද ඉතිරි මමම මැයි...
හෙටක් නැති ජීවිතය..
පරඬලා පතක් මැයි......


තේරුම් ගන්න...
කොමෙන්ටුවකුත් දැම්මනම් වටිනවා...
හික් හික් හික්ස්ස්ස්ස් ....

No comments:

Post a Comment