Tuesday, July 10, 2012

සත්‍ය කතාවක්...

ගනකම් අදුරේ මානවකයා කියනවා මිනිස්සුන්ට තමන්ගේ හිතේ තියෙන දේවල් කියාගන්න බැරි උනාම ඒ දේවල් කියන්න තියන එකම තැන බ්ලොග් එකලු.


කතාව නම් ඉතින් බොරුත් නෙවෙයි ඇත්තකුත් නෙවෙයි.
මිනිස්සු බොන්නේ මොකද කියල මම මානවකගෙන් ඇහුවම පොර නම් බීල කරන්නේ ලොකු සමාජ සේවයක්ලු. බොන්නේ අරක්කු ලංකාවෙන් තුරන් කරන්නලු.
අනේ මන්දා...



මානවකගේම අමු ද්‍රව්‍ය ටිකකින් වචන ටිකක් ගැටගහගන්න මම යන්තම් උත්සහ කළා..
ඇත්තටම මිනිස්සු පුදුමාකාරි නේද...???
අරක්කු ඊටත් වැඩ පුදුමාකාරි නේද?
අර පුංචි බින්දු කීපයකට මහා මනුස්ස ශරීරයක තියෙන සියලුම දේවල් පාලනය කරන්න පුළුවන් වීම ඇත්තටම කිව්වොත් ටිකක් සංකීර්ණ දෙයක්..
බීම මිනිස්සුන්ට ඉතුරු කරන්නේ මොනවද? ප්‍රශ්නද??
මිනිස්සු බොන්නේ ප්‍රශ්න නැති කරගන්නද?
ඉතින් බිව්වම ප්‍රශ්නෙට විසදුම ලැබෙනවද?
අර කලින් කිව්වා වගේ මුළු ශරීර කුඩුවේම පාලනය අරක්කු ගත්තට පස්සේ මොහොතකට ප්‍රශ්නය අමතක වෙලා ගියත් පහුවෙනිදට අයෙත් ප්‍රශ්නේ තිබුන තැනම නේද?
එහෙනම් ඉතින් දිනපතාම බොන්න වෙන සීන් එකක් තමය් තියෙන්නේ..
හුගක් මිනිස්සු බොනවා දැකල තියෙන්නේ තමන්ගේ ජීවිතේ ලබාගන්න බැරි උන දේවල් තමන්ගේ ජීවිතෙන් දුර ගිය දේවල් ගැන හිතල දුක් වෙන එක පාලනයකරගන්න..
ඒකෙදි ප්‍රියයන්ගෙන් වෙන්වීම, ආදරය අහිමිවීම, විරහව, ජීවිතේ අසාර්ථක බව ආදී කරුණු මුලික වෙනවා..
මේ ගැන අටුවාටික ලියන්න අවශ්‍යම නැති බව පහත තියෙන දේවල් කියවපුවම ඔබටම තේරුම් යාවි.


අවුරුදු හතරක් කියන්නේ නම් ඉතින් ලොකු කාලයක්..
ඒත් ඔයාගේ ජීවිතේට ආවටත් වඩා ඉක්මනින් මාව ඔයාගේ ජීවිතෙන් පිටමන් කරන්න ඔයාට පුළුවන් උනාට මට ඒක ඒක පාරටම විශ්වාස කරන්න බැරි වෙච්ච එකයි දුක .
මට කොච්චර බිව්වත් ඔයාව අමතක කරන්න බැරි බව මම දන්නවා.
අමතක කරන්නම බොන්න ඕනි නම් මම දැන් ලංකාවේ තියෙන සේරම අරක්කු ටික බීල ඉවරකරලා..


දැනටමත් මම.බොන හැම වෙලාවේම මට ඔයාව වැඩිපුර මතක් වෙන්නේ ඇයි කියලනම් මම තවම දන්නේ නෑ
බීපු වෙලාවට මිනිස්සු ගොඩක් සංවේදී වෙනවලු. සමහර වෙලාවට ඔයා මගේ මුළු ඇගේම ජීවත් වෙන නිසාම වෙන්න ඇති බීපු වෙලාවට මගේ හැම නහරෙක්ටම අට මිදුලකටම ඔයාව ගොඩක් දැනෙන්නේ..
ඒත් අරක්කු වලින් නැගෙන මත ගතිය හිත ඇග අඩපන කරනවට ආසයි මම.
ඇස් පියා ගත්තම ඔයාව පෙනී පෙනී නොපෙනී යන ගන කළුවරම පේන ඒ හිංසාකාරී මත් ගතියට ගොඩක් ආසයි..
ඒත් මත් ගතිය ඉවර වෙලා අයෙත් ඇස් වහ ගත්තම ඔයාව පේන එකට මගේ ජීවිතේටත් වඩා ආසයි...
දුක නැති කරගන්න හොදම විසදුම බොන එක කියල තේරුම ගියත් ඇත්තමයි...ඊයේ ඔයා ගැන හිත හිත බොනකොට...අනුකම්පාවක් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ...
මාව අයෙත් ජීවිතේට ගනීවි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ...
කවුරුවත් මේක දැකලා දුක වෙන්න ඕනත් නෑ.... එතැනදී කියන්න ඕනි තව දෙයකුත් තියෙනවා..
කවදාකවත් ආදරේ බලෙන් ගන්නවත් දෙන්නවත් කිසිකෙනෙකුට බැහැ.. ඒත් ආදරේ කලේ න කියල කොච්චර හිත රවට්ටගන්න හැදුවත් තමන්ට දරාගන්න බැරි වේදනාවක් පපුව ඇතුලෙන් මතුවෙනවානම් ඒක තමයි තමන් ආදරේ කල තරම..
කන්නනම් බැහැ පොඩ්ඩක්වත් ගෙනාපු කෑමත් නරක් වෙනවා..
බොන්නමයි හිත කියන්නේ..
ඔබ කෑවද බිව්වද ඒකවත් මම දන්නේ නෑ..
සමහර විට කන්න ඇති සමහර විට කන්න හිතෙන්න නැතුව ඇති..
එහෙමත් නැතිනම් නොකා ඉදල අනික් යට කාපු බව පෙන්නනවා ඇති..
දෙවියනේ වෙනද ඒවා හොයල බලපු මට අද දැනෙන වේදනාව...


අදට ඇති...






එක අරක්කු බින්දුවකට
පුලුවන්නම්
අමතක කරන්න
ඔයාව
මට….
එකම එක
මොහොතකට
සත්තමයි
මට බොන්න පුලුවන්
අරක්කු ගඟක්
උනත්
මට මාවත් අමතක
වෙනකන්ම.....




මානවක උබට තුති.......

7 comments:

  1. ඔහොම තමයි බන් ජීවිතේ....මොනවා කරන්නද?

    ReplyDelete
  2. තනියෙන් බොන්න එපා අපිවත් මතක තියාගන්න ......

    ReplyDelete
  3. ඒ උනාට බොන එක නම් අනුමත කරන්න බැහැ...නිකන් ජීවිතේ නාස්ති වෙනවා විතරයි අලියෝ,මානවක,රොබින් :)

    ReplyDelete
  4. ආදරයේ අවසන් හුස්ම පොදත් ගියාට පස්සේ ආයේ නාස්ති වෙන්න දියක් තියනවද මෙයා...

    ReplyDelete
    Replies
    1. ආදරේ එක බලාපොරොත්තුවක් නැති වුනාම දල් වන්න තව එකක් :D

      Delete