Thursday, July 12, 2012

හිත කෑ ගැහුවා මෙන්න මෙහෙම...


මට තාම හිතාගන්ඩ බෑ....
ඒ ඔයා ගැන නෙවෙයි.. මං කොහොමද ඔයාව අමතක කරන්නේ කියලා.. ...
මට පුදුමයි.....
ඒ මං ගැන නෙවෙයි.. මගේ හදවත ගැන.....
හදවත ඔයාවම හොයන්නේ ඇයි කියලා.....


මම දෙවියන්ව යදිනවා.. ...
ඒ ඔයාව ලැබෙන්න කියලනම් නෙවෙයි .. ඔයාව පුළුවන් තරම් සතුටින් තියන්න කියලා.....
එත් මට දුකයි.....
ඔයාව නොලැබෙයි කියලා නම් නෙවෙයි .. ඔයා කවද හරි වෙන කාගේ හරි වෙයි කියලා.....
ඒ වගේම.. දන්නවද...??
මට හරිම සතුටුයි.. ඒ ඔයා මාව දාල යන නිසා නෙවෙයි.....
ඔයා යන්නේ ඔයාගේ සතුට හොයාගෙන නිසා.....

ඒ සතුටේ ඔයා හැමදාමත් ජීවත් වෙන්න..

5 comments: