Wednesday, July 11, 2012

අතීතය මත් වතුර සමග කෙටියෙන්..

ජීවිතේ ගොඩක් දේවල් එනකල් නැවතිලා බලන් හිටපු මට දැන් නම් ලෝකේ නතර වෙලා වගේ දැනෙනවා ..
ඔයාගෙන් කෝල් එකක් මැසේජ් එකක් වැරදිලා හරි මිස් කෝල් එකක් එනකල් බලන් හිටපු බලන් ඉන්න වාර අනන්තයි අප්ර මානයි දැන්නම් ..
එහෙම ලැබුණානම් ජීවිතේ මම කවදාවත් නොලබපු සතුටක් සැනසීමක් මට ලැබේවි ..
ඒත් මොනවා කරන්නද ඒ සැනසීමත් ඔයා වගේම ගොඩක් දුරයි නම් මට..
ඉස්සර ආදරේට ඔයා මට කිව්වේ සුදු මහත්තය කියල..
ඒ ආදරේ වැඩි උනාම ටෙඩිය කියලත් ඔයා මට කිව්වා..
මම ඔයාට චුටි අම්මි කියනවට ඔයා කොච්චර ආසද නේද ??
ඒත් ඒ සේරම හීන විතරක්

මයි කියල මට අද හිතෙනවා..
තමන්ව අමතක කල අයව කවදාවත් අමතක කරන්න එපා කියල කවුරුහරි කියල තියෙනවා කියල මට මතකයි..
ඒත් ඒ කවුද කියලනම් මතක නැහැ..
එහෙම අමතක නොකර තියාගන්න ඕනි කවදාක හරි ඒ දාල ගිය කට්ටියට අපිව මතක් උනාම අතීතේ මතක් කරලා දෙන්න වෙන්න ඇති..
ඒ කොහොම වෙතත් මටනම් ඔයාව කවම දාකවත් අමතක කරන්න බැරි වේවි කවුරු මොනවා කිව්වත්.
අමතක කරන්නම ඕනි නම් මැරිලා ඉපදෙන්න වේවි..
එහෙමත් නැත්තම් මානවක වගේ සිහිනැති වෙනකල් බොන්න වේවි..

ඔයාට මතකද දන්නේ නෑ මම ඔයාට ලියපු පලවෙනි කවිය..

නෙක මල් පිපෙන පාර පුරා..
හීන පෙනෙනවා ආල නුරා..
ඔබේ අත් අල්ලන් යන්න හිතෙනවා..
අනන්තයෙන් මග ගෙවෙන තුරා..

මතකද....????


මේ කවියට ඔයා අසා උනාද නැත්ද මම දන්නේ නෑ චුටි අම්මි..
ඒත් මගේ හිතට නැගුන සිතුවිලි තමයි මම එදා අකුරු කලේ කුරුටු ගෑවේ ඒ විදියට....


අන්තිමට ඔයාව ඔයාගේ ඔෆිස් එක ගවාදී මුණගැහෙද්දී මට කරුණාරත්න දිවුල්ගනේගෙ සින්දුවක් මතක් උනා..
මම දන්නේ නෑ ඇයි කියල..

සුදු ඇදගෙන සද ඇවිදින් දුර කදු මුදුනට..
රිදවුන සිත ගෙනයයි කදුලැලි ගඟ ඉවුරට..
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවට..
ඒ ගං ඉවුරට...

මම එදා නම් ගොඩක් ඇඩුව... ගඟක් ගලන්න තරම් ඇඩුව..
ඇත්තටම මගේ සඳ මගේ ලෝකෙන් බැහැල ගිය නේද කියල ලොකු දුකක් ඇති උනා..
මගේ අහසේ තාරුකාවක් වත් නැති තරමට මම තනි උනා..
මම තනියම ඇවිදින මිනිහෙක් උනා..
මම තනියම ඇවිදිමි කියල බ්ලොග් එකක් ලියවෙන්නේ එහෙමයි..
මගේ ලෝකේ ඇත්තටම අද කළුවරයි .. ..
පාළුව තනිකම යන්න මට පාර කියන්න අයෙත් හඳ පායනාවට මම හරි ආසයි .. ඒත්...

අවුරුදු 4 ක් කියන්නේ නම් ඇත්තටම ලොකු කාලයක්..
ඒ කාලය තුල අපි කල කී දේවල් කොච්චරද??? පොතක් ලිව්වත් ඉවර කරන්න බැරි තරම්..
අපි රණ්ඩු උනා.. තරහ උනා.. යාලු උනා..බැණ ගත්තා.... ඒත් අපිට අපි නැතුව බැරි උනා..
අනේ මන්ද මට තේරෙන්නේ නෑ දැන් මොකද වෙලා තියෙන්නේ කියල..

ඔයාට මතකද අපි බස් වල ඉබ්බා ගහල ගිය හැටි???
අදටත් කොන්දල හිතං ඇති අපි සල්ලි දීල ගිය කියල.. හිනා යනවා නේද??
ඒ දවස් වල ඔයාට මම ලියුම් දෙනවා මතකද??
මාරු ලියුම් තමයි නේද?? පිටු 40 ක් විතර දිගයි..

ඔයාගේ ජීවිත් හැම දුකෙදීම හැම සතුටෙදීම මම ඔයත් එක්ක ඒ හැම අවස්ථාවකම බෙදා ගත්ත මතකද??
ඒත් දැන් ඒ සේරම ඔයා කියන විදියට ඔයා හිතන විදියට අතීතයට එකතු වෙලා ඉවරයි වැඩකට නැති කොළ කාලකට පින් සිද්ද වෙන්න..
සුනිල් ආරියරත්න ලියපු සින්දුවක් මට මතක් වෙනවා..

දෛවයෝගයකින් නොවේදෝ හමු උනේ අප හමු උනේ ..
දෛවයේ සරදම් ලබන්නට කීම මෙසේ අප වෙන් උනේ...

අදුරු තුමියයි ප්රේ මයේ ඔබ.. අදුරු තුමියයි යවුවනේ.. ....

ඇත්තටම දෛවය අපිව එක් කලානම් දෛවයට අපිව වෙන් කරන්න දෙන්න පුලුවන්ද කියල බලන් ඉන්න එක මට අදටත් පිළිගන්න බැරි දෙයක්..
ඒත් ඔයා මේ ආදරේ විවාහය දක්වා ගෙනියන්න මැලිකමක් දක්වන්නේ ඇයි ??

මේ මත ගතිය මගේ ඔලුව විකාර කරවනවා..
මම අද තනියෙන් ඇවිදිනවා.. තට්ට තනියම..
ඔයා මව තනියෙන් දාල ගොඩක් සතුටින් අද ඇති නේද චුටි අම්මි..??
වෙනදාටත් වැඩියෙන් මට ඔයාගේ ආදරේ ඔයාව දැන් උවමනා වෙනවා.. ඒත්...
ඔයා අද ගොඩක් දුරස් නේද චුටි අම්මි..???
වෙනද වගේ ඔයා කෑවද, බිව්වද, කොහෙද ඉන්නේ, මොකද කරන්නේ, පාඩම් කලාද , ලෙක්චර් ගියාද, මේ දේවල් හොයන්න මම ගොඩක් හිතනවා..
මේක ආදරයක් නෙවෙඉ පිස්සුවක් කියල ඔයාට හිතේවි..
ඔව් පිස්සුවක් තමයි .. මම පිස්සෙක් තමයි..
මගේ ආදරේ මාව පිස්සෙක් කල..මම තවමත් ඔයාට ආදරෙයි චුටි අම්මි..
මම අදටත් තවමත් බලාපොරොත්තුවෙනවා ඔයා මගේ ගාවට ආපහු එඉ කියල..
ඒ හැබෑ නොවන හීනෙත් එක්ක ඒ හැබෑ නොවෙන බලාපොරොත්තුවත් එක්ක මම හැමදාමත් ජීවත් වේවි..
ඉන්න තැනක සතුටින් සැපෙන් සුවෙන් ඉන්න..
මම තවමත් ඔයාට ආදරෙයි චුටි අම්මි..

1 comment: